බිත්තර මිලේ වෙනසක්

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසා සිටියේ, ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගත හැකි බවයි.

එමෙන්ම ග්‍රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33ත් 35ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.

මෙම මිලගණන්වලට වෙළෙඳපොළේ බිත්තර සුලභව තිබෙන බවත්, ඊට ඉහළින් ඇති කිසිදු බිත්තරයක් මිලදී නොගන්නා ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ටන් අප්පුහාමි මහතා,

“ඉදිරි උත්සව සමයේ අපි තීරණයක් අරගෙන තියෙනවා රුපියල් 30 – 35 අතර සිල්ලර මිලට බිත්තරයක් අලෙවි කිරීමට. එමනිසා අද පටන් රුපියල් 35ට අඩුවෙන් බිත්තර අලෙවිකරන මෙන් සෑම සිල්ලර කඩයකින්ම ඉල්ලා සිටිනවා”. 

“2023 මේ කාලසීමාවේ බිත්තරයක් තිබුණේ 65 -70 වගේ මිලකට. නමුත් බිත්තර නිෂ්පාදනය වැඩිවෙලා වෙළෙඳපොළ තුළ අද මිල සමනයකට පත්වෙලා. සියලුම ගොවියන්ගේ බිත්තර නිෂ්පාදන අතිරික්තයක් තිබෙනවා”. 

“රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගතහැකියි ග්‍රෑම් 50 බිත්තරයක්. ග්‍රෑම් 55ට වැඩි බිත්තර ගෙඩිය 33යි..34යි..35යි. ඊට වැඩිය කවුරුත් ගන්න එපා. ඕන තරම් සුලබව විකුණන්න තියෙනවා.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව