බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අද යළි අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේරත් මුදියන්සේලාගේ තුෂාර නිශාන්ත උපුල්දෙණිය මහතා අද (11) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඊයේ (ජුනි 10) ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ඔහුව 2025 ජුනි 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම අවස්ථාවේදී, විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් පවතින බැවින්, සැකකරු විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත. එසේම, මෙම නඩුව හෙට (ජුනි 12) ස්ථිර මහෙස්ත්‍රාත් හමුවේ කැඳවීමට නියෝග කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව