බදු නිදහස් සීමාව ලක්ෂයේ සිට ලක්ෂ එකහමාර දක්වා ඉහළට

වර්තමානය වන විට වසරකට රුපියල් මිලියන 1.2ට වඩා වැඩියෙන් උපයන අයට පනවා ඇති උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

උපයන විට ගෙවීම් බද්ද සම්බන්ධයෙන් වෘත්තියවේදීන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන ඇගයීමේ දී සිදු වූ සාකච්ඡාවලදී එම බදු පැනවීමේ සිමාව ඉහළ දැමීමට සමත් වූ බවයි.

“අපි බද්ද පනවන සීමාව ලක්ෂයට උඩ, අපි එය ලක්ෂ එකහමාර දක්වා වැඩි කරගැනීමට සමත් වෙලා තිබෙනවා,” ඔහු පැවසුවේ ය.

ඒ වගේ ම 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික අදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට සංශෝධන ලබා ගැනීමට අපි සමත් වෙලා තියෙනවා.”

එහි දී ජනාධිපතිවරයා එක එක පුද්ගලයන් ලබා ගන්නා මාසික වැටුපෙන් බදු අඩුවන ප්‍රතිශතය පැහැදිලි කළේ ය.

“මාසික වැටුප ලක්ෂ එකහමාරක් ගන්න කෙනෙක්ට බදු 100%ක් නිදහස්. ලක්ෂ 2ක් වැටුප ගන්න කෙනෙක්ගේ වැටුපෙන් 71%ක් බදුවලින් නිදහස්. ලක්ෂ දෙකහමාරක් වැටුප් ගන්න කෙනෙක්ගෙන් බද්ද 61%ක් නිදහස්. ලක්ෂ 3ක් වැටුප් ගන්න කෙනෙක්ගෙන් 47%ක් බද්ද නිදහස් වෙනවා. ලක්ෂ තුනාහමාරක් ගන්න කෙනෙක්ගෙන් බද්ද 25.5%කින් නිදහස්,” ජනාධිපතිවරයා පැහැදිලි කළේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ මෙම සහනය අඩු වැටුප් ලැබෙන අයට වැඩි සහනයක් ලැබෙන ආකාරයෙන් ලබා දෙන බවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන