පොහොර සහනාධාරය 15,000 සිට 25,000 කලත් එක්වර දෙන්න භාණ්ඩාගාරයේ මුදල් නෑ… නියෝජ්‍ය ඇමති

රාජ්‍ය යාන්ත්‍රණය ඇති යම් යම් ප්‍රමාදයන් මත ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබාදීමට යම් ප්‍රමාදයක් ඇති බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමති සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ රජාංගනවය සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.

රජයක් ලෙස පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩිකර ඇතත් මෙම තීරණ ගත් පමණින් එය ක්‍රියාවට නැගෙනවිට රාජ්‍ය යාන්ත්‍රණය සහා රටේ ආර්ථික තත්ත්වය බලපාන බවත් හෙතෙම කියා සිටියේය.

මේ සඳහා අවශ්‍ය වන මුදල් එක්වරම දීමට මහා භාණ්ඩාගාරයේ මුදල් නැති බවද ඔහු සඳහන් කළේය.

මුදල් ලබා දීමේදී යම් යම් අඩුපාඩු ප්‍රමාදයන් ඇත්තේ නම් රාජ්‍යා යාන්ත‍්‍රනය තුළ කල්ගත වීම් අතපසුවීම් ඇති බවද ඔහු කියා සිටියේය.

පොහොර සහනාධාරය ලැබීමේ යම් අඩුවක් ඇත්තේ ඒ නිසා වන නමුත් සියළු ගොවීන්ට පොහොර සනාධාරය ලබා දෙන බවත් පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන