පොසොන්ට දන්සල් 7,021ක්

පොසොන් උත්සවයට සමගාමීව අද (8) වන විට දිවයින පුරා දන්සැල් 7021ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මිහින්තලේ පුදබිම ආශ්‍රිතව දන්සැල් 98ක් සහ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව දන්සැල් 193ක් ලියාපදිංචි වී ඇති බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය.

දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500ක් යොදවා ඇති බවත්, උතුරු මැද පළාතේ වැඩි දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති නිසා එම ප්‍රදේශයේ පරීක්ෂණ සඳහා වැඩි නිලධාරීන් පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව