පොල් හිඟයක් නෑ.. තියෙන්නේ මාෆියාවක්..

රට තුළ පොල් හිඟයක් නොමැති බවත් වෙළඳපොලේ කෘත්‍රිම පොල් හිඟයක් ඇති කිරීමේ උත්සාහයක් පවතින බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

2024 වසරේ සමස්ත පොල් අස්වැන්න මිලියන 2,684 ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14 ක අඩුවීමක් බවත් ඔහු පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.

වෙළෙඳපොළේ උග්‍ර පොල් හිඟයක් පවතින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ වෙළෙඳපොළ තුළ පොල් මාෆියාවක් ඇති කිරීමේ උත්සාහයක් පවතින බවය.

රජය සතු වතුවල පොල් සතොස අලෙවිසැල් හරහා බෙදා හැරීමට රජය සැලසුම් කර ඇති බවත් කුරුණෑගල සහ හලාවත වතු මඟින් පොල් දස ලක්ෂයක් ලබා දෙන බවත් පොල් සංවර්ධන අධිකාරිය මඟින් ඉදිරි සති දෙක සඳහා පොල් ගෙඩි ලක්ෂ පහක් ලබාදීමට සූදානම් බවත් ඔහු පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව