පේරාදෙණි සරසවියේ සියළු ශිෂ්‍ය සංගම් රැස්වීම් තහනම් කරයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් විසින් සිසුන් එක් රැස් කිරීම රැස්වීම පැවැත්වීම සිසුන් ඇමතිම යනාදිය සතියක් කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

විශ්ව විද්‍යාලයේ උප කුලපති විසින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සියලුම පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරුන්ට ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.

මීට එරෙහිව ක්‍රියාකරන සියලු දෙනාට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවත් අදාළ ලිපිය මගින් දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් විරෝධය පල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.2025/01/15 දින සිට සතියක කාල සීමාවක් පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් කැඳවීම අත්හිටුවන ලෙසට උපකුලපති විසින් අත්තනෝමතික තීරණයක් ගෙන තිබේ. මෙවැනි සිදුවීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ඉතා සුලභ වී ඇති බැවින් විශ්වවිද්‍යාලය තුළ මේ වන් විට ශිෂ්‍ය නිදහස අහිමි බව ඉතාමත් පැහැදිලි කරුණකි. ශිෂ්‍ය සංගම් පිහිටුවා ගැනීම විශ්වවිද්‍යාල පනත තුළින්ම ශිෂ්‍යයන්ට පවරා ඇති අයිතියක් වන අතර රැස්වීමේ, භාෂණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා මූලික අයිතිවාසිකම් ලෙස සලකයි. උපකුලපතිට පැවරී ඇති බලතල යැයි සඳහන් කරමින් සිදු කරන මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. පරිපාලනයේ මෙවැනි ක්‍රියාකලාපයන් සේවය කරනුයේ පවතින ආණ්ඩු වල අවශ්‍යතාවයට බව පැහැදිලිවම සඳහන් කළ යුතුය. මීට දින කිහිපයකට පෙරද එක්තරා දේශපාලන සංවිධානයක් විසින් සංවිධානය කර තිබූ දේශනයක්ද අවලංගු කල පරිපාලනය ඊට හේතුව ලෙස සඳහන් කරනු ලැබුවේ ආණ්ඩුව විවේචනය වන මාතෘකාවක් යටතේ එම දේශනය සංවිධානය කර ඇති බවයි.

මෙම ආණ්ඩුව බලයට පත්වීමේදී සඳහන් කරනු ලැබුවේ තමන් පොදු ජනයාගේ ආණ්ඩුවක් බවයි. ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් රට තුළ ස්ථාපිත කරන බවයි. එසේ කීවද මීට දින කිහිපයකට පෙර, 2012 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් කිහිපදෙනෙකු අමු අමුවේ ඝාතනය කිරීමට චෝදනා එල්ල වූ එමිල් රංජන් ළමාහේවාට අධිකරණ ඇමති හිස නමා සම්මාන ප්‍රධාන කිරීම විසින් කියාපානුයේද මෙම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැක්මේ තරමයි. රජ්‍ය මර්දන යාන්ත්‍රණයේම ක්‍රියාවක් වන මෙවැනි ශිෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ශිෂ්‍ය සංගම් රැස්වීම් තහනම් කිරීම අප අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස තරයේ හෙළා දකිමු. වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙලෙස සිදුවන අත්තනෝමතික මැදිහත්වීම් නොදැක්කා සේ සිටිය නොහැක. මෙයට “අපේ කිසිඳු සම්බන්දයක් නොමැති” බව පවසා ඇඟ බේරා ගැනීම නවතා මෙලෙස විශ්වවිද්‍යාල තුළ පරිපාලනයන් විසින් සිදුකරන අත්තනෝමතික මැදිහත්වීම් මොහොතක්වත් ප්‍රමාද නොවී වහා නතර කළ යුතුය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති විසින් මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් කැඳවීම අත්හිටුවීම හෙළා දකිමු !

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව