පුංචි ඡන්දයත් මාලිමාවටම දෙන්න..- සාගර

ජනාධිපතිවරණයේදී ජනතාව පැහැදිලි ජනවරමක් ලබාදී ඇති නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ද ජාතික ජන බලවේගයට වැඩි බලයක් හිමි විය යුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුවන්නේ යැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

බහුතර මතයට හිස නැවීම ප්‍රජාතන්ත්‍රවාදය බවත් ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා ඇති නිසා ඔවුන්ට වැඩ කරගෙන යෑමට ඉඩ දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මතය පිළිනොගන්නා ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණ කටයුතු සංවිධානය කරන බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ පිරිස සහ ඡන්ද පොළට නොගිය පිරිස එකතු කළ විට බහුතරය ඇත්තේ එතැන බව කවුරුත් මතක තබා ගත යුතු යැයිද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කීවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව