පැනගිය සිරියානු හිටපු ජනපති රුසියාවේ

සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරයි.

රුසියාව හිටපු ජනපතිවරයාට සහාය දුන් ප්‍රමුඛ පාර්ශ්වයකි.

රුසියානු බලධාරීන් පවසන්නේ අසාඩ් ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ට රුසියාවේ සරණාගතභාවය ලබාදෙන බවයි.

Hayat Tahrir al-Sham නම් සංවිධානයට අයත් කැරලිකරුවන් නොවැම්බර් 27 වනදා අසාඩ් පාලනයට එරෙහිව ප්‍රහාර දියත් කළේය.

ඉන්පසු දින කිහිපයක් තුළදී එරට ප්‍රධාන නගර සිය ග්‍රහණයට ගැනීමට කැරලිකරුවන් සමත්විය.

ඔවුන් ඊයේ (08) ඩැමස්කස් නගරය ට ඇතුළු වුණු අතර පසුව වාර්තා වූයේ ජනාධිපති අසාඩ් ගුවන්යානයකින් එරටින් පළාගිය බවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව