පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ විරෝධතාවය විසුරුවාහැරීමේදී උණුසුම් තත්ත්වයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වන විට කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සංවිධාන කර තිබුණි. ඒ, පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමිනි.

බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව