පාරිභෝගික කටයුතු අධිකාරිය මෙතෙක් කළ වැටලීම් මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2024 වසරේ දී වැටලීම් 24,761ක් සිදු කර තිබෙනවා.

එහිදී නඩු පැවරීම් 23,953ක් සිදුකර ඉන් අවසන් වූ නඩු සඳහා මහේස්ත්‍රාත් අධිකරණ මගින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක් නියමකර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීම් සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර අදාළ වැටලීම්වලදී උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සදහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම , විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබා නොදීම, තොග සගවා තබා ගැනීම, විධිමත් බිල්පතක් ලබා නොදීම, තරඟ විරෝධි චර්යාවල යෙදෙමින් වෙළෙදාම් සිදු කිරීම සහ කොන්දේසි සහිතව භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් වෙළෙදුන් විසින් සිදුකරන ලද වැරදි සම්බන්ධව මෙම වැටලීම් සිදුකර ඇති බව සඳහන්.

අදාළ වැටලීම් වලදී ආහාර වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ ඇතුළු විවිධ පාරිභෝගික භාණ්ඩ ආවරණය කර තිබුණා.

එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයන් ලෙස සහල් සම්බන්ධව වැටලීම් 3114ක්, පාන් සම්බන්ධව වැටලීම් 1624ක් සහ බිස්කට් සම්බන්ධ වැටලීම් 1086ක් ලෙස සිදුකෙරුණු අතර වැටලීම් සිදු කිරීමේදී සුපිරි වෙළෙඳසැල්, ආපනශාලා, ඖෂධ අලෙවිසැල්, නිමි ඇදුම් වෙළෙඳසැල්, ජංගම දුරකතන හා විදුලි උපාංග අලෙවිසැල්, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැල් හා රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් ප්‍රධාන වශයෙන් විමර්ශනවලදී පරීක්ෂාවට ලක්කර ඈති බව සඳහන්.

වැඩිම වැටලීම් සිදුකළ දිස්ත්‍රික්ක අතරින් ප්‍රධාන වශයෙන් කුරුණෑගල, ගම්පහ, මහනුවර, කෑගල්ල, පුත්තලම, අනුරාධපුර, අම්පාර, මඩකලපුව, මාතර යන දිස්ත්‍රික්කයන් වර්ෂය තුළ එක් දිස්ත්‍රික්කයක් දහසකට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදුකර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කය වසර තුළදී වැටලීම් 2282ක් සිදුකර තිබෙනවා.

2025 වර්ෂයේදී පාරිභෝගිකයින් විසින් සිදුකර ඇති පැමිණිලිවලට කඩිනමින් පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

දිවයින පුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීමටත්, උපායදූතයන් මගින් වෙළෙදුන් විසින් සිදුකරනු ලබන වැරදි හදුනාගෙන නීතිමය පියවර ගැනීමටත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව