පාරිභෝගික අධිකාරිය තිතට වැඩ… සහල් මිල සගවන වෙලදුන් වටලයි..

හැටන් නගරයේ සහල් තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලදසැල් නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් (10) දින හදිසි පරික්ෂාවකට ලක් කෙරිණ.

හැටන් නගරයේ සහල් වෙලෙදුන් විසින් රජයේ පාලන මිලට සහල් අලෙවි නොකරන බවට ලද පැමිණිලි කිහිපයක් මත පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධානි අමිල රත්නායක මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරින් පිරිසක් මෙම හදිසි පරික්ෂාව සිදු කෙරිණ.

මෙම හදිසි පරික්ෂාවේදි මිල ප්‍රදර්ශනය නොකරමින් සහල් අලෙවි කල වෙලෙදුන් රැසකට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කල අතර, නගරයේ අනෙකුත් වෙලෙදුන් නාඩු සහල් කිලෝවක් රු 230, සම්බා සහල් රු 240, කීරි සම්බා රු 260, රතු සහ සුදු කැකුළු සහල් රු 220 ක් වු රජයේ පාලන මිලට අලෙවි කරනු ලබයි.

පාලන මිලට සහල් අලෙවි කරන වෙලෙදුන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් හමුවේ කියා සිටියේ තමන් වැඩි මිලට සහල් මිල දි ගත් බවත්, එම සහල් තොග (10) දින සිට රජයේ පාලන මිලට ලබාදෙන බවයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන