පාතාලයෙන් වරායේ අල ටෙන්ඩර් මගඩියක්.. අඩුවට අරන් වරායේදීම වැඩි මිලට විකුණයි..

විදෙස්ගත පාතාල නායකයන් මෙහෙයවන සංවිධානාත්මක කණ්ඩායම් වල මැදිහත්වීමෙන් අල කන්ටේනර් හතරක් අඩු ලන්සුවකට ටෙන්ඩරයෙන් ගෙන වැඩි මිලට වරාය තුළදීම විකුණා ඇතැයි වරාය ආරංචි මාර්ග පවසයි.

චීනයෙන් අර්තාපල් ආනයනය කළ පුද්ගලයන් මෙම කන්ටේනර නිදහස් නොකිරීම හේතුවෙන් වරාය අධිකාරියෙන් අර්තාපල් කන්ටේනර් හතර සඳහා ටෙන්ඩර් කැඳවා තිබුණේ ජනවාරි 1 වැනිදාය.

මෙහිදී අතරමැදි ගැනුම්කරුවන් මැදිහත්වී අල කිලෝවකට රුපියල් 120ක අඩු ලංසුවක් තබා ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ දූෂිත නිලධාරීන් කිහිපදෙනකුගේද සහාය ඇතිව බව යැයි වරාය ආරංචිමාර්ග අනාවරණය කළේය.

මෙම සතියේ සතොස වෙළෙඳසල්වල ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 180ක්ද සිල්ලර මිල 210ක් වන අතරේ අඩු ලංසුවක් තබා මෙම කණ්ඩායම් විසින් ටෙන්ඩරය ලබාගෙන ඇත.

ඉන්පසුව සෙකන්ඩ් සේල් දමා වරායේදීම ව්‍යාපාරිකයන්ට වැඩි මිලකට විකුණා ඇතැයි හෙළිවී තිබේ.

පාතාල කල්ලිවල මැදිහත්වීමෙන් වරායේ සිදුකරන මෙවැනි දූෂිත ටෙන්ඩර් දිගින් දිගටම සිදුවීමෙන් රජයට ලැබෙන ආදායම් අහිමි වී යන බව සේවකයෝ පෙන්වා දෙති.

මෙම අල කන්ටේනර් හතර තුළ අල කිලෝ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් තිබී ඇත. මෙය රාජ්‍ය ආයතන වෙත මිලදී ගන්නේ නම් පාරිභෝගිකයන්ට සහන මිලකට දීමටද ඉඩ තිබුණු බව දූෂණයට එරෙහි නිලධාරීහු පෙන්වා දෙති.

මෙම ටෙන්ඩරය පාතාල කණ්ඩායම්වල බලපෑම මත අඩුමිලකට ලංසු තැබීමෙන් රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් රජයට අහිමි වී ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව