ප‍්‍රබල දේශපාලක බිරිදක් අත්අඩංගුවට..?

ප්‍රබල දේශපාලඥයෙකුගේ බිරිඳක් ඇතුළු දේශපාලඥයන් පස් දෙනකුට ඉතා නුදුරේදීම අත්අඩංගුවට ගැනෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග උපුටමින් ජාතික පුවත්පත් වාර්තා කරයි.

විවිධ වංචා හා දූෂණවලට සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිතව ඇත.

මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර විදේශ රැකියාවලට පුද්ගලයින් යවන බව කියා මුදල් වංචා කල දේශපාලඥයෙකුද, විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද, සංචාරක මණ්ඩලයේ අක‍්‍රමිකතාවලට සම්බන්ධ වූ ප්‍රධානීන් කීපදෙනෙකුද වන බව සඳහන්ය.

මේ අතර මිග් යානා ගනුදෙනුවේදී සිදු වූ වංචා සම්බන්ධ වන වග උත්තරකරුවන් පිරිසක් මෙන්ම මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී චෝදනා ලැබූ පිරිසක්ද ඇතුළු දහයකට අධික පිරිසක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ කඩිනම් කර තිබේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව