ප‍්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චියේ.. මහ වැසි මැද විශාල පිරිසක්..(Photos)

උතුරු පලාතේ ප්‍රධාන මහවිරු සැමරුම මෙවරත් කිලිනොච්චිය කනපුරම් මහවිරු සුසාණ භූමියේදී ඊයේ (27) දින රාත්‍රියේ උත්සවාකාරයෙන් පැවතියේ අධික වර්ෂාපතනයක් හමුවේදී වීම විශේෂත්වයක් විය.

වර්ෂාව නොතකා කනකපුරම් මහවිරු සැමරුම් උත්සවය සඳහා මහවිරු පවුල්හි විශාල ජනතවක් රැස්ව යුද්දයේදී මිය ගිය සිය මහවිරු පවුල් අනුස්මරණය කරන ලදි.

මේ සඳහා යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රීක්කයන්හි සිටද මහවිරු පවුල්හි ඥාතීන් සහභාගී වී සිටි අතර උත්සව අවස්ථාවේදී යුද්දයෙන් මිය ගිය මහවිරු පවුලක සාමාජිකයෙකු ප්‍රධාන පහන දැල්වීමෙන් අනතුරුව සෙසු පිරිස්ද පහන්දල්වා මල් පූජා කොට සෙත් ශාන්ති පැමිණවීම සිදුකරන ලදි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වනදාට යෙදීම සහ එම සංවිධානයේ කර්නල් වරයෙකු වූ ශංකර් නැමැත්තා ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වනදා මිය යාමත් හේතුවෙන් මෙලෙස මහවිරු සැමරුම් සිදුකෙරෙති.

කිලිනොච්චිය ප්‍රධාන සැමරුමට අමරතව උතුරේ තැනින් තැනද විවිධ වූ මහවිරු සැමරුම් සංවිධානය කොට තිබුණි.

මේ අතර යුද්දයෙන් මිය ගිය අය සිහිපත් කිරීමට අවස්ථාව ලැබුනද තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් හෝ එම සංවිධානයක් සලකුණු භාවිත කරමින් සිහිපත් කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා උතුරු පලාතේ පොලීසිය සහ ආරක්ෂක අංශ එක්ව පුලුල් නිරීක්ෂණ මෙහෙයුමකද නිරත විය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව