ප්‍රදේශ රැසකට අද දිනයේත් (13) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රධාන ජලාශ 73න් 34ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශවලින් ජලාශ 18ක් මේ වනවිට උපරිම මට්ටමට ළගා වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ජලාශ කිහිපයකම වාන් දොරටු ද විවෘත කර ඇති අතර ජලාශවල සමස්ත ධාරිතාවයෙන් සියයට 89ක් මේ වනවිට පිරී පවතිනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් , පොළොන්නරුව මාතලේ නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඌව පළාතේත් මාතලේ , නුවරඑළිය , අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ .
කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ.
මේ අතර ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පළමු මට්ටමේ නායයාම් අනතුරු ඇගවීම් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ , පස්සර , හාලිඇල සහ බදුල්ල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවලට නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර , මැද දුම්බර සහ පාතදුම්බර ප්‍ර දේශවලට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද නායයාම් අනතුරු ඇගවීම් නිකුත්කර තිබෙනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට සහ උකුවෙල ප්‍රදේශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ හගුරන්කෙත ප්‍රදේශවලටත් නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කළ බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.
මේ අතර ප්‍රධාන ජලාශ 273න් 27ක ජල ධාරිතාවන් උපරිම මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා











