පවතින ඖෂධ හිඟය එක රැයකින් නිම කරන්න බෑ- වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඖෂධ හිඟය මුළුමනින්ම එක රැයකින් නිමා කිරීමට නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසුවේය.

ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් මාස 09 ත් 10 ත් අතර කාලයක් ගතවන බවත්, මෙම ක්‍රියාවලියට අදාළව පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදයන් ගණනාවක් තිබෙන බවත් ඔහු කීවේය.

වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධවලට අදාළ තොරතුරු නිවැරදිව එකතු කරගෙන නොතිබූ බවත්, තොරතුරු නොතිබුණ ද යම් ඇස්තමේන්තුවකට අනුව ඖෂධ ඇණවුම් බාරදීමේ හැකියාව පැවැති බවත් ඇමැතිවරයා පැවැසීය.

දේශීය නිෂ්පාදකයන්ට ඖෂධ නිෂ්පාදනයට අදාළ ඇණවුම් නිසි වේලාවට ලබාදී නොතිබූ බවත් ඔහු පැවැසුවේය.

ඖෂධ සැපැයීම්වලට අදාළව සමහර සැපැයුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රමවේදයේ ගැටලු පැවැති බවත්, සමහර සැපැයුම්කරුවන් ඖෂධ බාරදීම සිදුකර ඇත්තේ කොටස් වශයෙන් බවත්, ඇතැමුන් එක් කොටසක් බාරදීමෙන් පසුව ඉතිරි ඖෂධ කොටස බාරදී නොතිබූ බවත්, ඒවා මේ වනවිට නිවැරැදි කරමින් පවතින බවත් ඇමැතිවරයා කීවේය.

සියලු ඖෂධ කඩිනමින් රෝහල් පද්ධතියට ලබාදීමට රජය මැදිහත්ව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව