නුගේගොඩ දෙල්කද ප්‍රදේශයෙන් රුපියල් කෝටියක් වටිනා විදෙස් මත්පැන් තොගයක්

නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික ස්ථානයක තිබී වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි මෙම මත්පැන් තොගය සොයාගෙන තිබෙන්නේ.

ව්‍යාපාරික මධ්‍යස්ථානයේ බිම්මහලේ මෝටර් රථ අමතර කොටස් උපාංග අතර ඉතා සූක්ෂම ලෙස රහසිගත අයුරින් මෙම මත්පැන් තොගය සගවා තිබූ බවයි පොලිසිය කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ස්ථානයේ කළමනාකරුවෙකු වශයෙන් සේවය කළ 59 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

මෙම විදේශීය මත්පැන් තොගය කොල්ලුපිටිය සහ කොට්ටාව යන ප්‍රදේශවල රාත්‍රී සමාජ ශාලා වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී තිබේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන