නාවික හමුදාව භාරයට ගත් ඉන්දීය ධීවරයින්

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 02ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (11) දින රාත්‍රී කාලයේදී මන්නාරම උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් එම ධීවර යාත්‍රාව සිය භාරයට ගැනීමටයි නාවික හමුදාව පියවර ගෙන ඇත්තේ.

අදාළ ධීවර යාත්‍රා සමග ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් ඉරණතිව් දූපත වෙත රැගෙන විත් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

එමෙන්ම 2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා තුනක් සහ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව