නාමල් පොහොට්ටුවෙන් හෙට සිට වැඩ අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන හෙට (02) දින ආරම්භ කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, හෙට උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික කටයතු සිදුකර ආගමික වතාවක් සිදුකිරීමෙන් අනතුරුව මෙම කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවයි.

ඒ අනුව හෙට දහවල් දෙකට නොච්චියාගම ප්‍රදේශයේදී මෙහි පලමු වැඩසටහන සිදු කිරීමට නියමිතව තිබේ. මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි සැලසුම් මෙන්ම ආණ්ඩුව සිදුකරන මර්ධනකාරී වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක් වීමට නියමිතව ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල ගම්මාන ඇතුළු ගම්මාන 14,000ක් ආවරණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇත.

පළාත් පළාන මැතිවරණයට ප්‍රථම තෝරාගත් සෑම ආසනයකටම ගොස් ප්‍රධාන ක්‍රියාකාරීන් හමුවීමටද මෙහිදී සැලසුම් කර තිබේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන