නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙති

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ ඔවුන් දිවුරුම් දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී.විජේරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව