ධනංජය ද සිල්වාගේ සොහොයුරා අත්අඩංගුවට

ගල්කිස්ස පොලීසිය මගින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වා හෙවත් සංගු නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ තවත් පිරිසකට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින්ය.

ඊයේ(10) රාත්‍රියේ රත්මලානේ පිහිටි සිය නිවස අසළදී සංගු නැමැත්තා පුද්ගලයෙකුට පහරදී තිබේ. පහරකෑමට ලක් වූ පුද්ගලයා, ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති කුඩු අංජු නැමැත්තාගේ සහා ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයෙක් බව වාර්තා වේ.

අනතුරුව පහරකෑමට පත් වූ පුද්ගලයා, ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පහරදී ඇත.

ගැටුම අතරතුරදී කිසියම් පුද්ගලයෙකු ධනංජයගේ සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

අනතුරුව ඔහු තුවාල සහිතව සිය නිවස තුළට දිවගොස් තියුණු ආයුධයක් රැගෙනවිත් රත්මලානේ සුද්දා නැමැත්තාට හා තවත් අයෙකුට පහරදී ඇත.

පොලීසිය පවසන්නේ, පහරකෑමෙන් තුවාල ලැබූ දෙපිරිසම කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව දෙපිරිසම අත්අඩංගුවට ගත් බවයි

මේ වන විට ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා හෙවත් සංගු නැමැත්තා හා ඔහුගේ පහර කෑමෙන් තුවාල ලැබූ රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් අයෙක් පොලිස් භාරයේ පසුවෙමින් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව