ධනංජය ද සිල්වාගේ සොහොයුරා අත්අඩංගුවට

ගල්කිස්ස පොලීසිය මගින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වා හෙවත් සංගු නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ තවත් පිරිසකට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින්ය.

ඊයේ(10) රාත්‍රියේ රත්මලානේ පිහිටි සිය නිවස අසළදී සංගු නැමැත්තා පුද්ගලයෙකුට පහරදී තිබේ. පහරකෑමට ලක් වූ පුද්ගලයා, ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති කුඩු අංජු නැමැත්තාගේ සහා ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයෙක් බව වාර්තා වේ.

අනතුරුව පහරකෑමට පත් වූ පුද්ගලයා, ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පහරදී ඇත.

ගැටුම අතරතුරදී කිසියම් පුද්ගලයෙකු ධනංජයගේ සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

අනතුරුව ඔහු තුවාල සහිතව සිය නිවස තුළට දිවගොස් තියුණු ආයුධයක් රැගෙනවිත් රත්මලානේ සුද්දා නැමැත්තාට හා තවත් අයෙකුට පහරදී ඇත.

පොලීසිය පවසන්නේ, පහරකෑමෙන් තුවාල ලැබූ දෙපිරිසම කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව දෙපිරිසම අත්අඩංගුවට ගත් බවයි

මේ වන විට ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා හෙවත් සංගු නැමැත්තා හා ඔහුගේ පහර කෑමෙන් තුවාල ලැබූ රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් අයෙක් පොලිස් භාරයේ පසුවෙමින් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන