දේශීය පොල්තෙල් වලට 18%ක බද්දක්.. විදෙස් පොල්තෙල්වලට 18%ක බදු සහනයක්..

දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ගෙන් සියයට දහඅටක (18%) වැට් බද්ද අයකරන ගමන් ආනයනික පොල් තෙල් සඳහා සියයට දහ අටේ (18%) බදු සහනය ලබාදී දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් ආරක්‍ෂා කරන්නේ කෙසේ දැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා රජයෙන් විමසීමක් කළේය.

මේ වසරේ දී ආනයනික පොල් තෙල් කිලෝ මිලියන ලක්‍ෂයක් රටට ගෙන්වා ඇති බවත්, එම තෙල් ප්‍රමාණය රුපියල් බිලියන එකොළොස්දහස් හැත්තෑවක් (11070) පමණ වන බවත් ඒ මහතා කීය.

ආනයනික පොල් තෙල් නමින් ගෙන්වන තෙල් වරායේ සිට පිටකොටුව වෙළෙඳපොළට හෝ ආනයනකරුවන්ගේ ගබඩාවලට රැස්කර බිල්වල සඳහන් නොකරමින් අලෙවි කරන බවත් එම නිසා අලෙවියේදී හෝ වෙළෙන්දන් මහජනතාවගෙන් අයකරන වැට් මුදල ද රටට අහිමි වන බවත් ඒ මහතා කීය.

හැම දේශපාලන පක්‍ෂයක්ම බලයට පැමිණීමට පෙර දේශීය කර්මාන්තකරුවන් ආරක්‍ෂා කර ගැනීමට කතා කළත් බලයට පැමිණි පසු එම පොරොන්දු වචනවලට පමණක් සීමාවන බවත්, එය නිවැරදි කිරීමට නිලධාරීන්ගේ සහයක් නැතැයි ප්‍රකාශ කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

රටට අවශ්‍ය පොල් ටික සහ පොල් තෙල් ටික රටේ නිපදවා ගැනීමට හැකි බවත්, ඒ මහතා කීය. ඕනෑම වසරක ඔක්තෝබර් සිට පෙබරවාරි තෙක් පොල් අස්වැන්නේ අඩුවක් ඇතිවන බවත් එම අඩුව මේ වනවිට නිම වෙමින් ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් ඒ මහතා කීය. අපේ පැරැන්නන් අස්වැන්න නෙළීමේදී යම් භෝග කොටසක් සතුන්ගේ ආහාරයට ඉතිරි කර දීමට කටයුතු කළ බවද ඒ මහතා කීවේය.

පොල් හිඟ කාලයට පොල් අපනයනය සීමාකළ යුතු බවත්, එසේ පොල් අපනයනය කළ ද ඊට සරිලන ඇමෙරිකන් ඩොලර් ප්‍රමාණය රටට පැමිණ ඇති ද යන්න සොයාබලන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන