දුම්රිය ආසන වෙන්කර ප්‍රවේශ පත්‍ර අලෙවිය පිළිබඳ වංචා පිලිබඳ CIDට පැමිණිලි

දුම්රිය ආසන වෙන්කර ප්‍රවේශ නැවත අළෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කර ඇති බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

කිසියම් කණ්ඩායමක් මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ දුම්රිය ආසනවල් වැඩි ප්‍රමාණයක් වෙන්කරගෙන, පසුව ඒවා දෙස් විදෙස් සංචාරකයන්ට වැඩි මිලකට අලවි කරමින් සිටින බවට පැමිණිලි ලැබී ඇත.

අදාළ වංචා කුමන්තරණය සම්බන්ධයෙන් සෙවීමට සහ වංචාකරුවන් අත්තඩංගුවට ගැනීම සඳහා අදාළ පුද්ගලයන්ගේ දුරකථන අංක CIDට බාර දී ඇත.

මෙම වංචා වැළැක්වීම සඳහා වෙන්කල ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමට අදාළ ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන