දිලිත්ගේ කතාවෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇවිළෙයි

ජාතික ජන බලවේග ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැති බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට අද වන විට හැකියාව ලැබී ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා කියමින් තී‍්‍රවිල් වල කෑලි ගැලවීමට පමණක් බවද ඔහු කියා සිටී.

ආණ්ඩුවට හැකියාව ලැබී ඇත්තේ ජනතා සිහින මරා දැමීමට පමණක් බවත් සිහිනවලට පණ දීමට හැකියාවක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

ආදායම් වියදම් වාර්තාවක් ඇසින් දැක හෝ ඇත්තේ නම් පසුගිය මැතිවරණවලදී පොරොන්දුව කිසිවක් ඉටු කිරීමට නොහැකි බවද පැවසූ ඔහු ඒවා ඉටුකරන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් කිසිදු අදහසක් මේ වනතෙක් ඉදිරිපත් කර නැති බවද සඳහන් කළේය.

මෝඩ ගොබ්බ වැඩ නොකර ජනතාවට පොරොන්දු වූ දේ වල් කරන ලෙසත් ඒවා කරන ආකාරය හෙළි කරන ලෙසත් එසේ නොහැකිනම් ප්‍රසිද්ධියේ ජනතාවට ඒ පිළිබඳව කණගාටුව පල කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙම අදහස් දැක්වූ අතර ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධතාවයන් එල්ල විය.

Dilrukshan Lakmal

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන