දකුණු කොරියා ජනපති සමාව අයැදියි..

දකුණු කොරියා ජනපති යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාව අයැද තිබෙනවා.

මෙම සතිය මුලදී යුද නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් සමාව ඉල්ලා සිටියා.

එමෙන්ම තවදුරටත් එවැනි නියෝග සිදු නොකරන බව ප්‍රකාශ කළා.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිදු කළ ප්‍රකාශයෙන් පසුව ජාතික සභාවේදී ඊට විරෝධය පළවූ අතර යුද නීතිය ඉවත් කිරීමට අනුමැතිය ලබා ගැනීමට ඡන්ද විමසීමක් ද පැවැත්වුණා.

එමෙන්ම ජනාධිපතිවරයා පිළිබඳ දෝෂාභියෝගයක් ද ඉදිරිපත් වූ අතර අද එය විවාදයට ගැනෙනු ඇති.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට  ප්‍රතිචාර ලෙස, ඔහුගේ පාලක මහජන බලය පක්ෂයේ නායකයා පැවසුවේ යූන්ට ඔහුගේ සාමාන්‍ය රාජකාරිය කරගෙන යාමට නොහැකි වනු ඇති බවයි.

ඔහුට කලින්ම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වනු ඇති බව පක්ෂ නායක හැන් ඩොං-හූන් පවසනවා.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව