තුසිත හල්ඔලුව ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ඔලුව මහතා, ලබන 20 වැනිදා දක්වා ඊයේ (13) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ, ඔහු කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුලු භාණ්ඩ, සාවද්‍ය සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව පසුගිය 30 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනිණ.

තුසිත හල්ඔලුව මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේ, 2017 – 2019 කාලසීමාවේයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව