ත්‍රිපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර

කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා

ඒ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් එම සමාගමේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අදාළ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදීයි

එමෙන්ම ඉදිරියේදී ත්‍රිපෝෂ නිෂ්පාදන ආයතනයේ කටයුතු දියත් කිරීමේදී සමාගමට අවශ්‍ය බඩඉරිඟු හා සෝයා සපයන මෙරට ගොවි නිෂ්පාදකයින්, ව්‍යවසායකයින් දිරිගන්වමින් සහ ඒකාබද්ධ කරමින් ඔවුන්ගේ නිෂ්පාදන ත්‍රිපෝෂ සමාගම මිලදී ගන්නා අඛණ්ඩ ක්‍රමවේදයක් සැකසිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා

මේ වන විට සමාගමේ සැපයුම් ජාලය බිඳවැටී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්ව ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදනයන් බෙදාහැරීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසුවා

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව