ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට සැලසුම්

ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාව මුහුදු ගමන් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එහි සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා සිරියානු රජයේ සහය ලබා ගැනීමටයි නියමිතව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ සිරියාවේ ගෞරවනීය , ආචාර්ය මව්සලාම් අල්ඩ්‍රව්බි සමග සාකච්ඡාවකදී අවධානය යොමුව ඇති අතර එහිදී ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සහ එය ස්වාභාවික වරායක් වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමුව තිබෙනවා.

මීට අමතරව කොළඹ වරායේ බහාලුම් හැසිරවීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

මෙම ක්ෂේත්‍රයේ වඩාත් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින් හඳුන්වාදීමට කැමති බවද එහිදී මෙම සිරියානු නියෝජිතයින් නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකාවේ නව Drydock ( ඩ්‍රයිඩොක් හෙවත් මුහුදු ජලාශ්‍රිත නොවූ රට අභ්‍යන්තරයේ වරායක්) සංවර්ධනය සඳහා ද සැලසුම් මේ වන විටත් සකස් කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාව මුහුදු ගමන් මධ්‍යස්ථානයක් (Maritime hub) බවට පත් කිරීම ප්‍රධාන ඉලක්කය බවත් එහිදී සඳහන් වී තිබෙනවා.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව