තවත් ප්‍රබලයින් රැසකගේ දේපොල රාජසන්තක වෙයි ?…

අයථා ලෙස සම්පත් හිමිකරගෙන ඇතැයි කියන හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සහ ප්‍රබල දේශපාලනඥයන් 26 දෙනෙකුට සම්බන්ධ වශයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයන් සතු රුපියල් කෝටි ගණනක වටිනා දේපළ රජයට පවරා ගැනීම සඳහා මෙම පියවර ගත් බව සඳහන් වේ.

මේ වන විටත් ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී ඔවුන්ගෙන් නිල ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

අදාළ විමර්ශනයට ලක්ව සිටින හිටපු ආරක්ෂක ප්‍රධානියා වන්නේ ඒකාබද්ධ මාණ්ඩලික හමුදා ප්‍රධානියා වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය. විමර්ශනයට ලක්ව සිටින අනෙකුත් දේශපාලනඥයන් නම් පහත පරිදියි:

මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, පිල්ලෙයාන්, එච්.එම්. චන්ද්‍රසේන සහ ශාන්ත අබේසේකර. විමර්ශන නිලධාරියෙකු පවසා ඇත්තේ, මෙම දේපළ සම්බන්ධයෙන් සාක්ෂි සොයා රජයට පවරා ගැනීමෙන් පසුව ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.     

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන