ඩයනාගේ නඩුව මාර්තු 5 ට

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව, කූට ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන්බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍රය අද (9) කොළඹ මහාධිකරණය හමුවේ කියවනු ලැබීය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම චෝදනා කියවාදීම සිදු කෙරුණි.

ඉන් අනතුරුව එම චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය. එහිදී ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා, විත්තිය වෙනුවෙන් පෙනී සිටිමින් මූලික විරෝධතා මතුකරමින් මෙම නඩුවට පාදක වන ලියවිල්ල සකස් කොට ඇත්තේ 2003 වසරේ දී බව සඳහන් කළේය.

එහෙත් ඊට අදාළව නඩු පවරනු ලැබුවේ 2024 වසරේ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ඒ අනුව වසර 20කට වැඩි කාලයක් ගතවී ඇති හෙයින් අදාළ ලියවිල්ල සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිමය හැකියාවක් නොමැති බවට තර්ක කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම කරුණ නඩු විභාගයේදී සලකා බලන බවය. ඒ අනුව නඩුව මාර්තු මස 05 වනදා විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළේය.  

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව