ටියුෂන් පන්ති තහනම් කල චක‍්‍රලේඛය අත්හිටුවා ඇත්තේ අගමැතිනිටත් හොරෙන්…

පාසල් ගුරුවරුන් තම පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට මුදල් අය කෙරෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාතට අදාළව යැවූ චක්‍රලේඛය අත්හිටුවීම අධ්‍යාපන ඇමතිනිය වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක වූවකැයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන්ගේ සහායද ලැබී ඇති හෙයින් ඔවුන් අමනාප කරගැනීම ඉදිරි මැතිවරණවලට බලපෑ හැකිය යන නිගමනය මීට හේතු වී ඇති බවට රජයේ පාර්ශ්වයෙන්ම චෝදනා නැගේ.

මේ කරුණ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ගෙන් විමසූ විට ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

“මේ චක්‍රලේඛය අලුත් එකක් නොවේ. දැනටමත් මධ්‍යම, උතුරු මැද, සබරගමුව හා දකුණ යනා දී පළාත්වල ක්‍රියාත්මක වෙනවා. තමන් පාසලේ උගන්වන දරුවන් ටියුෂන් පන්තියට නොපැමිණීම නිසා සිසුන්ට හිරිහැර කළ ගුරුවරුන්ට දඬුවම් දී තිබෙනවා.

ටියුෂන් මාෆියාව අපේ රටේ අධ්‍යාපනයට තර්ජනයක්. උසස් පෙළ විභාග කල් දැමීම පිටුපස ඉන්නෙත් ටියුෂන් මාෆියාවයි. ටියුෂන් නැතිව විභාග සමත් විය නොහැකිය යන භීතිය දෙමව්පිය සිත්වලට කාවද්දලා. ඒ නිසා රජය මෙය කැල්ලෙන් කෑල්ල ක්‍රියාත්මක නොකර පොදු තීන්දුවක් ගත යුතුයි.”

ලංකා ගුරු සංගමයේ විධායක සහිත අශෝක චන්ද්‍රසේකර ප්‍රකාශ කරන්නේ රටපුරා ඇති සියලු ටියුෂන් පන්ති නියාමනයකට ලක් කළ යුතු බවය.

හොඳ ගුරුවරයෙකු කිසි දිනෙක පාසලෙහිදී තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන් තම ටියුෂන් පන්තියට ගෙන්වා නොගන්නා බවද ඔහු කීවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන