ජෙරම් ප‍්‍රනාන්දු කතෝලික රදගුරුවරයෙක් නොවේ..- කතෝලික කතෝලික රදගුරු සම්මේලනය

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික පල්ලියේ රදගුරුවරයකු නොවන හෙයින් කතෝලික පල්ලියේ සාමාජිකයන් ඔහු තම පල්ලියේ රදගුරුවරයකු යැයි සිතා රැවටීමට ලක්නොවිය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.

කතෝලික පල්ලියේ නිල අපෝස්තලික අනුප්‍රාප්තිකයක් ජෙරොම් ප්‍රනාන්දු මහතාට නොමැති බැවින් ඔහු කතෝලික රදගුරුවරයකු නොවන බවත් එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙස කතෝලික භක්තිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම සම්මේලනය ප්‍රකාශ කළේය.

ශ්‍රී  ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මහා ලේකම් ජේ. ඩී. ඇන්තනී ජයකොඩි පියතුමාගේ අත්සනින් යුතුව රදගුරු සම්මේලනය මෙම නිවේදනය නිකුත් කර ඇත.

” කතෝලික රදගුරුවරයකු යනු යේසුස්ගේ ප්‍රේරිතයන්ගේ අනුප්‍රාප්තිකයන්ගේ අඛණ්ඩ පැවැත්මකි. අපෝස්තුළුවරුන්ගේ ප්‍රධානියා වන පේතෘස් අපොස්තුළු තුමා හැර සැම කතෝලික රදගුරුවරයකුම යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන් එකොළොස් දෙනෙකුගේ සෘජු අනුප්‍රාප්තිකයන්ගෙන් කෙනෙකි. ශාන්ත පීතර මුනිවරයාගේ සෘජු අනුප්‍රාප්තිකයා පාප් වහන්සේය.” ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව