ජෙරම් ප‍්‍රනාන්දු කතෝලික රදගුරුවරයෙක් නොවේ..- කතෝලික කතෝලික රදගුරු සම්මේලනය

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික පල්ලියේ රදගුරුවරයකු නොවන හෙයින් කතෝලික පල්ලියේ සාමාජිකයන් ඔහු තම පල්ලියේ රදගුරුවරයකු යැයි සිතා රැවටීමට ලක්නොවිය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.

කතෝලික පල්ලියේ නිල අපෝස්තලික අනුප්‍රාප්තිකයක් ජෙරොම් ප්‍රනාන්දු මහතාට නොමැති බැවින් ඔහු කතෝලික රදගුරුවරයකු නොවන බවත් එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙස කතෝලික භක්තිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම සම්මේලනය ප්‍රකාශ කළේය.

ශ්‍රී  ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මහා ලේකම් ජේ. ඩී. ඇන්තනී ජයකොඩි පියතුමාගේ අත්සනින් යුතුව රදගුරු සම්මේලනය මෙම නිවේදනය නිකුත් කර ඇත.

” කතෝලික රදගුරුවරයකු යනු යේසුස්ගේ ප්‍රේරිතයන්ගේ අනුප්‍රාප්තිකයන්ගේ අඛණ්ඩ පැවැත්මකි. අපෝස්තුළුවරුන්ගේ ප්‍රධානියා වන පේතෘස් අපොස්තුළු තුමා හැර සැම කතෝලික රදගුරුවරයකුම යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන් එකොළොස් දෙනෙකුගේ සෘජු අනුප්‍රාප්තිකයන්ගෙන් කෙනෙකි. ශාන්ත පීතර මුනිවරයාගේ සෘජු අනුප්‍රාප්තිකයා පාප් වහන්සේය.” ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන