ජාතික යොවුන් සේනාංකයට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කර තිබේ.

ඔහු ඊයේ (20) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය තනතුරේ පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසද, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කර තිබේ.

එමෙන්ම ඒ මහතා ජාතික තරුණ සේවා සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කළේය.

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා පත්වීම් ලිපිය ලබා ගන්නා අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගි විය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන