ජනාධිපති අරමුදලින් මුදල් ගත් හිටපු මන්ත්‍රීවරුන් සොයා විමර්ශන

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිළුපුලී ලංකාතිලක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් පැවසුවේ මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතික ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසය.

එමෙන්ම විමර්ශනවලට අවශ්‍ය ඉදිරි නියෝග වේ නම් ඒවා අධිකරණය වෙතින් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දුන්නාය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන