ජනපති ගැන ආඩම්බර වූ මහාචාර්ය කිත්සිරි දිසානායකට පොට පැටලෙයි. තමාගේ නොදැනුවත්කම ගැනත් කියයි…

හම්බන්තොට තෙල් පිරිපහදුවකට 2023 වසරේ දී ඩොලර් බිලියන හතරයි දශම පහකට රනිල්ලා කංචනලා අත්සන් කල ගිවිසුමම නැවත 2025 වසරේදී ඩොලර් බිලියන තුනයි දශම හතකට අත්සන් කිරීමෙන් රටට ඉතිරියක් ඉතිරි වන බව මහාචාර්ය කිත්සිරි දිසානායක මහතා සඳහන් කර ඇත.

ඒ හරහා ජනාධිපති අනුර දිසානායක රටට ඩොලර් මිලියන 800ක ඉදිරියක් කරදී ඇති බවත් තම චන්දයට වටිනාකමක් ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පසුව ඔහු එය එම සටහන ඉවත් කරමින් නව සටහනක් පළ කරමින් සඳහන් කරන්නේ තමන් එම ප්‍රකාශය සිදු කරන ලද්දේ තමන්ගේ නොදැනුවත්කම බව මතයි.

අදාල තෙල් පිරිපහදුව චීන ණය යටතේ සිදුවන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන මුලින් ප්‍රකාශකය සිදුකළ ද නමුත් එය සෘජු විදේශ ආයෝජනයක් ලෙස තමන් දැන් දැනුවත් නිසා එම ඩොලර් මිලියන 800 වාසිය සිදුවන්නේ ශ්‍රී ලංකාවට නොව චීනයට බවද නව සටහනේ  සදහන්  කර  ඇත.

ලංකා c නිව්ස්

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන