ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය  සමුළුවට ඇමතීමට නියමිතව තිබේ.

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් පැවති බවය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්තාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කර තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ටෝනි බ්ලෙයාර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා පෙන්වා දී තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් මහතාව ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව