ජනතා විරෝධයෙන් කුජීත වූ මාලිමා මන්ත්‍රී…

කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ‘බෙන්ජි’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අද පෙරවරුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

ඒ ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් දෙදෙනකු පැමිණ එහි ප්‍රවාහන පහසුකම් වෙනස් කිරීම සම්බන්ධයෙන් එහි පාලනාධිකාරියට බලපෑම් කළ බව කියමිනි.

එම ස්ථානයට පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ මඟ හරස් කර ගත් පිරිසක් විසින් කියා සිටියේ තමන්ද පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය භාවිතා කල පුද්ගලයන් බවයි.

නමුත් පෞද්ගලික ආයතනයකට ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මේ ආකාරයේ බලපෑම් කිරීම සුදුසු නොවන බවද ඔවුන් කියා සිටියහ.

ආයතනයේ ප්‍රවාහන පහසුකම් සැපයීම අවිධිමත් යයි පැමිණිළි ලැබී ඇති බැවින් ඒ සඳහා සොයා බැලීමට පැමිණි බව මන්ත‍්‍රීවරුන් පැවසූ බව දැනට එහි ප‍්‍රවාහන පහසුකම් සපයන පිරිස පැවසූහ.

නමුත් එහි ප්‍රවාහන පහසුකම් සපයන පිරිස් පවසන්නේ මන්ත්‍රීවරුන් පැමිණ එහි ප්‍රවාහන පහසුකම් සැපයීම ඔවුනට ලබාදෙන ලෙස ආයතනයට බලපෑම් කර ඇති බවය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව