චෙම්මිණි සුසාණ භූමිය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලයි…

මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා (25 ) යාපනයේ ස්ථාන කිහිපයක සංචරයක නිරත විය.

පළමුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වරයා යාපනය මධ්‍ය විද්‍යාලයට පැමිණ අනතුරුව යාපනය නල්ලූර් කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කර්යාලයට ගොස් යාපනයේ සිවිල් ජංවිධාන නියෝජිතයින් , දේශපාලන නියෝජිතයින් මෙන්ම විශ්විද්‍යාල මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමග සාකච්ඡා කරන ලදි.

අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා යාපනය චෙමිමිණි සුසාණ භූමිය අසල ආරම්භ කරන ලද විරෝධතාවයට ගොස් විරෝධතාකරුවන්ද හමු වී සාකච්ඡාවක නිරත වූ අතර එහිදි විරෝධතා කරුවන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාට ඔවුන්ගේ ඉල්ලීම් 6 ක් ඇතුලත් සන්දේශයක්ද භර දෙනු ලැබීය.

මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා යුද්දයෙන් මියිගිය ජනතාව වෙනුවෙන් උපහාර දැක්වීමක්ද සිදුකරනු ලැබීය.

විරෝධතාවයේ නිරත වූ ජනතාව මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේ චෙම්මිනි සමූහ මිනිස්ව‌ලේ කැනීම් කටුයුත වෙනුවෙන් ජාත්‍යන්තරය මැදිහත් වී ජනතාවට සාධාරණයක් ලබාදෙන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය සෘජු මැදිහත්වීමක් සිදුකරන ලෙසටය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව