ගෝල්ෆේස් දමා පෙන්නූ වාහන මාලිමා මන්ත‍්‍රීලා අතර බෙදා දීලා..?

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූ මුල් දින කිහිපය තුළ ගාලුමුවදොර පිටියේ ගාල්කර පෙන්නු වාහන අද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ඔවුන් පත් කල ආයතන ප‍්‍රධානීන් අතර බෙදා දී ඇති බවට තොරතුරු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

එම වාහන වෙන්දේසියේ දමා විකුණන බව පැවසුවද එවන්නක් සිදු කර නැතැයි ද ඔහු කියා සිටී.

පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ආහාර නොගන්නා බව කලින් ඔවුන් පැවසුවත් දැන් එය අමතක කර තුන් වේලම පාර්ලිමේන්තුවෙන් ආහාර ගන්නා බවත් ඔහු කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැටුප්, ‍විශ‍්‍රාම දීමනා, නිල නිවාස කිසිවක් එපා කිවු මන්ත්‍රීවරුන් අද ඒවා සියල්ල ලබාගෙන සිටින බවටත් ඔහු පැවසුවේය.

අද ආණ්ඩුවේ ජනතාවට දුන් පොරොන්දු අමතක කර ඇති බවත් ජනතාවට ඇහුම්කන් නොදෙන බවටත් ඔහු චෝදනා කළේය.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව