ගෙන්වන වාහන මිල 45%කින් ඉහලට.. කුඩාම වාහනත් ලක්‍ෂ 10-15කින් ඉහලට..

එක්සයිස් (Excise – S.P.L.) බද්ද 2020 තිබූ අගයට වඩා ඉහළ යෑම, සියයට 18 ක් වූ එකතු කළ අගය මත බද්ද (වැටේ) අය කිරීම සහ විනිමය අනුපාතය වැඩි වීමට සමානුපාතිකව සුඛෝපභෝගී බද්ද (Luxury Tax) වැඩි වීමත් යන හේතු මත වාහන ආනයනයට ඉඩ දුන්න ද ඇතැම් වාහනවල මිල ගණන් 45% කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි බව වාහන ආනනයන අංශ පෙන්වා දෙයි.

විදේශ රටවල නිෂ්පාදිත වාහනවල මිල ගණන් ද මේ වන විට විශාල අගයකින් වැඩි වී ඇති හෙයින් ලංකාවට ගෙන්වන වාහන මිල ගණන් තවත් ඉහළ යනු ඇති බව ද ඔවුහු කියති.

එන්ජින් ධාරිතාව 1000 ට වඩා අඩු පෙට්‍රල් වාහන සඳහා මින් පෙර රුපියල් ලක්ෂ 20 ක් පමණ වූ බදු මුදලක් අය කළ ද වැඩි වී ඇති බදු ප්‍රතිශත හේතුවෙන් එම මුදල ලක්ෂ 33-35 දක්වා වැඩි විය හැකි බවට ද එන්ජින් ධාරිතාව 1000 ට වඩා වැඩි වාහන සඳහා අය කෙරෙන බදු මුදල් ලක්ෂ 15 න් පමණ වැඩි විය හැකි බවට ද ඔවුහු පුරෝකථනය කරති.

මේ අතර මීට පෙර සුඛෝපභෝගී බද්ද අය කරනු ලැබුවේ එන්ජින් ධාරිතාව 2000 සහ 2500 ඉක්ම වන වාහන වලට වුව ද නව රෙගුලාසි යටතේ එන්ජින් ධාරිතාව 1500 ට වැඩි වාහන වලට එම බද්ද අය කිරීමට ඉඩ ඇති බව ද වාහන ආනයනකරුවෝ පවසති.

වාහන ආනයන කරුවන් රටට ගෙන්වන වාහන මාස තුනක් ඇතුළත විකිණිය යුතු බවට කොන්දේසියක් පනවා ඇතැයි ද එසේ විකිණීමට නොහැකි වුව හොත් වාහනයේ වටිනාකම මත මාසිකව සියයට තුනේ සිට සියයට 46 දක්වා දඩයක් ගෙවීමට වාහන ආනයනකරුවන්ට සිදු වන බව ද වාහන ආනයනකරුවන් ගෙන්වන වාහන තොග ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂාවට ලක් කරනු ලබන බවද වාහන තොගයෙන් සියයට 25 කට වැඩි ප්‍රමාණයක් අලෙවි කර නැතිනම් එවැනි වාහන ආනයනකරුවන් සඳහා වසර තුනක ආනයන තහනමක් පැනවෙන බවද පවසන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මේ සීමා හේතුවෙන් වාහන වෙළෙඳ පොළ යළි විවෘත කළ ද ගෙන්වන වාහන ප්‍රමාණය අඩු විය හැකි බව ප්‍රකාශ කරති.

වාහන නිෂ්පාදනය කරන විදේශීය සමාගම් වලින් ඇතැම් සුඛෝපභෝගී වාහන ඇනවුම් කළ පසු ඒවා රටට ළඟා වීම සඳහා වැය වෙන කාලය වැඩි වී. ඇති බව ද ඇතැම් වාහන ලබා ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛනයෙහි රැඳී සිටීමට සිදු වෙන බව ද කියන ඔවුහු මේ සියලු හේතු මත විශාල ප්‍රමාණයකින් වාහන වෙළෙඳ පොළ විවෘත නොවනු ඇති බව ද අනුමාන කරති.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන