දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම විෂයක් සඳහා ගුරුවරු පුරප්පාඩු පවතින බවයි.
අනුප්‍රාප්තිකයින් නොමැතිව ගුරුවරුන්ට මාරුවීම් ලබා ගැනීමට නොහැකිව ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිංන් මහතා පැවසීය.
ඔහු පෙන්වා දේනනේ, ඒ හේතුවෙන් ගුරුවරු බොහෝ දෙනෙකුට නවක ගුරුවරු බඳවා ගන්නා තෙක් සිටීමට සිදුව ඇති බවයි.
 
								 
								 
															 
														 
														 
														 
														 
                                             
                                             
                                            











