ගිනි අවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ නොවේ

ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ නොකරන බවයි.

ඒ අනුව දැනට පෞද්ගලික පරිහරණය සදහා පොලීසිය සහ යුධ හමුදාව මගින් බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිණි අවි ජනවාරි මස 20 වන දින වන විට ආරක්ෂක අමාත්‍යංශයට භාර දිය යුතු බව‍යි, අමාත්‍යංශය පැවසුවේ.

එලෙස ලබා නොදෙන ගිනිඅවි ලග තබා ගන්නා පුද්ගයන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගන්නා බවත් ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී තිබූ කාලය දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් විය.

එහෙත් යුද්ධය පැවති කාලසීමාවේ දී පොලිසිය සහ යුධ හමුදාව මගින් ලබා දී තිබූ ගිනිඅවි යලි භාර දීමට තිබූ කාලය ජනවාරි 20 වන දින දක්වා දීර්ඝ කෙරුණි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන