ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8  පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ලද තොරතුරක් මත අදාළ සැකකරුවන අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී මිලිමීටර් 9 ගිනි අවි සඳහා භාවිත කරනු ලබන උණ්ඩ 50කට අධික ප්‍රමාණයක්, අත්බෝම්බ 02ක් සහ ටී – 56 ගිනි අවිය සඳහා භාවිත කරනු ලබන පතොරම් 80කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් මෙහිදී සොයාගෙන තිබේ.

මේ අතර මෙවැනි නීනිවිරෝධී ගිනිඅවි සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි හා ආවේක්ෂණ ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව 071 8596476 යන දුරකථන අංකයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි හා ආවේක්ෂණ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගත හැකි බවද පොලීසිය පැවසීය.

මේ අතර ඊයේ (04) තංගල්ල ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් ව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔකේවෙල, වතුමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව