ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8  පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ලද තොරතුරක් මත අදාළ සැකකරුවන අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී මිලිමීටර් 9 ගිනි අවි සඳහා භාවිත කරනු ලබන උණ්ඩ 50කට අධික ප්‍රමාණයක්, අත්බෝම්බ 02ක් සහ ටී – 56 ගිනි අවිය සඳහා භාවිත කරනු ලබන පතොරම් 80කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් මෙහිදී සොයාගෙන තිබේ.

මේ අතර මෙවැනි නීනිවිරෝධී ගිනිඅවි සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි හා ආවේක්ෂණ ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව 071 8596476 යන දුරකථන අංකයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි හා ආවේක්ෂණ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගත හැකි බවද පොලීසිය පැවසීය.

මේ අතර ඊයේ (04) තංගල්ල ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් ව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔකේවෙල, වතුමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන