සටන් විරාම සාකච්ඡා අතරතුර ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 70 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ දරුවන් බවයි.
ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.
ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ, ගාසා තීරයේ සටන් විරාමයක් හා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධ සාකච්ඡා සිකුරාදා ආරම්භ වූ බවයි.
මේ අතර හැකි ඉක්මනින් සටන් විරාම ගිවිසුමක් ගාසා තීරයට අවශ්‍ය බව හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බාසම් නයිම් ප්‍රකාශ කර තිබිණි.











