ගාල්ලේ මුහුද ගොඩකර ගොඩබිමක් හදයි..

යෝජිත ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම් පිළිබඳ පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා මාසයක කාලයක් ලබාදී තිබේ.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම වාර්තාව ලබාගත හැකිය.

මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව,ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ද එම වාර්තාව ලබාගත හැකිය.

ගාල්ල කඩවස් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ගාල්ල මහ නගර සභාව,ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උණවටුන කාර්යාලයේ ද එම වාර්තාව ප්‍රදර්ශනය කිරීම සිදුවෙයි.

ඒ සම්බන්ධයෙන් වන අදහස් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ජනතාවට දැනුම් දෙන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව