ගල්කිස්ස වෙඩි තැබීම පලි ගැනීමක්

ගල්කිස්ස, වටරප්පල වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ, සොරකම් කරන ලද යතුරුපැදියකින් බව පොලීසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ, එම යතුරුපැදිය හංවැල්ල ප්‍රදේශයෙන් සොරාගෙන ඇති බවයි.

පෙරේදා අලුයම සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 36 හා 20 යන වයස්වල පසුවන වටරප්පල පාර ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මියගියහ.

පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි.

අනතුරුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස එදිනම රාත්‍රීයේ මෙම වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණයැයි සැක කරන යතුරුපැදිය හොරණ, මුණගම පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියට යන අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගත්තේ ය.

පොලීසිය පැවසුවේ, ඉන් පසු සිදු කළ විමර්ශනවලදී එම යතුරු පැදිය වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බවට හඳුනා ගත් බවයි.

වෙඩි තැබීම සඳහා ඔවුන් පැමිණි යතුරුපැදිය සොරාගත් එකක් බව ඉන් අනතරුව සිදු කළ පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කරගන තිබේ.

පොලීසිය පැවසුවේ, බඩොවිට අංසකගේ සහ කොස් මල්ලි නැමැති සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනා අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙම වෙඩි තැබීම මේ වසරේ ගත වූ දින 9 තුළ වාර්තා වූ දෙවැනි වෙඩි තැබීමයි.

Dilrukshan Lakmal

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන