ගල්කිස්ස වෙඩි තැබීම පලි ගැනීමක්

ගල්කිස්ස, වටරප්පල වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ, සොරකම් කරන ලද යතුරුපැදියකින් බව පොලීසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ, එම යතුරුපැදිය හංවැල්ල ප්‍රදේශයෙන් සොරාගෙන ඇති බවයි.

පෙරේදා අලුයම සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 36 හා 20 යන වයස්වල පසුවන වටරප්පල පාර ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මියගියහ.

පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි.

අනතුරුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස එදිනම රාත්‍රීයේ මෙම වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණයැයි සැක කරන යතුරුපැදිය හොරණ, මුණගම පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියට යන අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගත්තේ ය.

පොලීසිය පැවසුවේ, ඉන් පසු සිදු කළ විමර්ශනවලදී එම යතුරු පැදිය වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බවට හඳුනා ගත් බවයි.

වෙඩි තැබීම සඳහා ඔවුන් පැමිණි යතුරුපැදිය සොරාගත් එකක් බව ඉන් අනතරුව සිදු කළ පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කරගන තිබේ.

පොලීසිය පැවසුවේ, බඩොවිට අංසකගේ සහ කොස් මල්ලි නැමැති සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනා අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙම වෙඩි තැබීම මේ වසරේ ගත වූ දින 9 තුළ වාර්තා වූ දෙවැනි වෙඩි තැබීමයි.

Dilrukshan Lakmal

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව