ගමකට විදුලිය දෙන ව්‍යාපෘතියට බදුලු දේශපාලකයෙක් විරුද්ද වේ..

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් මායිමේ පිහිටි උෟව පළාතේ විදුලිය නොමැති අවසාන ගම්මාන තුනෙන් දෙකක ක්‍රියාත්මක වන. රු. කෝටි 12ක වියදමින් වැඩ නිම කරමින් ඇති විදුලි පද්ධතිය වහා ගලවා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස එම දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

විදුලිය නොමැති ගම්මාන සඳහා විදුලිය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා 2023 මුදල් අනුමත කර 2024දී රු. කෝටි 12ක වියදමින් විදුලිබල මණ්ඩලය ඉදිකිරීම් ආරම්භ කළේය. මේ වන විට එහි ඉදිකිරීම් 90%ක් අවසන් කර ඇත. විදුලි රැහැන් ඇද විදුලිය ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කිරීමට සූදානම් වන විට එහි කටයුතු නවතා දමන ලෙස දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇති බව සඳහන් වේ.

උමා ඔය විදුලි බලාගාරයේ සිට කි.මී. 5ක් දුරින් පිහිටි අලුත්වෙල නම් මෙම ගම්මානයන්ට විදුලිය ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව වසර 14 ක් පුරා ප්‍රකාශ කර තිබිණි.

දශක ගණනාවක් මුළුල්ලේ මේ ගම්මානයට විදුලිය, යටිතල පහසුකම් සපයා දෙන ලෙස ඉල්ලා තිබියදී අපේ රටේ පූර්වගාමී ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන් දෙදෙනාගේ මැදිහත්වීමෙන් එම ගම්මානයට පැවැති ගැටලු රාශියක් නිරාකරණය කරන ලද අතර රුපියල් මිලියන 90කට වැඩි සංඛ්‍යාවක් වැය කරමින් විදුලිබල මණ්ඩලය විසින් සම්බන්ධතා 180කට ආසන්න ප්‍රමාණයක් සහිතව තෙකලා විදුලි පහසුකම් ලබාදීමටද කටයුතු කරන ලදී.

මේ වන විටත් රු. කෝටි 9.5ක් වැය කර90%කට වඩා වැඩ අවසන් කර ඇති විදුලි ව්‍යාපෘතිය උමාඔය විරෝධය හේතුවෙන් නවතා දැමීම අපරාධයක් බව ජනතාව පවසති.

– Mawbima

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන