කෝටි 17 හමාරක හෂීෂ් තොගයක් සමග විදෙස් තරුණිය අත්අඩංගුවට

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09) රාත්‍රියේ ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණයක් වන අතර, ඇය ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට රාත්‍රී 08.35ට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිලි 03ක ඔතා, මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17යි ග්‍රෑම් 573ක ප්‍රමාණය සඟවා ගෙන තිබියදී, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව