කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව මේ වසරේ ජූලි මාසයේදී එහි ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඉන්දියාවේ අදානි සමාගම විසින් සංවර්ධනය කෙරෙන බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන මාසයේදී අවසන් කිරීමට හැකියාව ලැබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ මෙම පර්යන්ත දෙකේ ඉදිකිරිම් අවසන් වීමත් සමග කොළඹ වරායේ වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 08 සිට 13 දක්වා ඉහළ යන බවයි.

මෙය මෙරට සංවර්ධන ක්‍රියාවලියට හා ජාත්‍යන්තර වෙළඳාමට දැඩි පිටිවහලක් බවද ඔහු ප්‍රකාශ කළේ ය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන